
ශ්‍රී දළදා රන්දෝලි පෙරහැර මංගල්ල්‍ය අද රාත්‍රී 10 සිට ස්වර්ණවාහිනියෙන්
හෙලයේ මහා සංස්කෘතික මංගල්‍ය හෙවත් අභිමානවත් ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර මංගල්‍යය අදින් ඇරඹෙනවා.
මෙම අභිමානවත් කන්ද උඩරට පෙරහර සිරිතට පුදදෙන බැතිබර රූපමය පූජාවක් ලෙසින් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර මංගල්‍යයේ අසිරිය අද සිට ප්‍රේක්ෂක ඔබ වෙත ළඟා කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව රන්දෝලි පෙරහර මංගල්‍ය අද සිට අගෝස්තු 8 වැනිදා වීදි සංචාරය කෙරෙන අවසන් රන්දෝලි මහා පෙරහර දක්වාම සෑම දිනකම රාත්‍රි 10 සිට ප්‍රේක්ෂක ඔබ වෙත ළඟා කරන්නට ස්වර්ණවාහිනිය සූදානමින් සිටිනවා.