
ශ්‍රී ලංකන් හිටපු සභාපතිට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, ලබන 15 වනදා දක්වායි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කර තිබේ.
එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කර තිබෙනවා.
ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් පසුගියදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.