ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් – අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ලැයිස්තුවේ 12වන ස්ථානයෙන්, සිංහ පැටවුන් 04වන ස්ථානයට

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් – අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ලැයිස්තුවේ 12වන ස්ථානයෙන්, සිංහ පැටවුන් 04වන ස්ථානයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග අද පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් හිමි වුණා.

ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමේ ලැයිස්තුවේ 12 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිව් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙනු ඇති.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අඩුම ලකුණු සංඛාවකට දැවී ගියේ 1975 වසරේදීයි.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 86කට දවා ගත්තා.

අද පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී Shubman Gill ලකුණු 92ක්, Virat Kohli ලකුණු 88ක් සහ Shreyas Iyer ලකුණු 82ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ශාන් මධුශංක කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Mohammed Shami කඩුලු 5ක්, Mohammed Siraj කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව හමුවේ ලකුණු 302ක අවමන් සහගත පරාජයක් හිමි වුණා.

තරගයේ ලකුණු සටහන පහතින්..

 

 

ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමේ ලැයිස්තුවේ 12 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිව් වන ස්ථානය දක්වා…

(යාවත්කාලීන කිරීමට පෙර)

 

 

(යාවත්කාලීන කිරීමෙන් පසු)

Share This