
ශ්‍රී ලංකාවට එන්න ගිය ඉන්දීය සැකකරුවෙකු අත්අඩංගුවට
තමිල්නාඩුව ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක රැකියා වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකු, ශ්‍රී ලංකාවට පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
37 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට පලා යාමට උත්සාහ කර ඇති බවයි “ද හින්දු” පුවත්පත වාර්තා කරන්නේ.
රැකියා අපේක්ෂකයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එරට පොලිස් ස්ථාන කිහිපයක් නඩු පවරා තිබූ බව සඳහන්.
ඒ අනුව ඔහු විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 10.5 ක් පමණ ලබාගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අදාළ පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක් එරට ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර තිබූ අතරපලා යාමට උත්සාහ කළ ඔහු නාගපට්ටිනම් වරායේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.