
ශ්‍රී ලංකාවට ලකුණු 210ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී Rahmanullah Gurbaz ලකුණු 70ක් රැස් කළ අතර ඊට Hazratullah Zazai ලකුණු 45ක් රැස් කරමින් ඔහුට අනගි සහයක් ලබා දුන්නා.
මතීෂ පතිරණ ලකුණු 42කට කඩුලු 02ක් සහ අකිල ධනංජය ලකුණු 37කට කඩුලු 02ක් දවා ගත්තා.
