
ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ලකුණු 345ක දැවැන්ත ඉලක්කයක් (PHOTOS)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී අගනා පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 77කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 122ක් වාර්තා කළා.
එය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වනවා.
එමෙන්ම කුසල්ගේ එක්දින ක්‍රිකට් දිවිය තුළ ඔහු වාර්තා කළ තුන්වන ශතකය ද මෙය වන බව සඳහන්.
මීට අමතරව සධීර සමරවික්‍රම ද ශතකයක් වාර්තා කළ අතර එය ඔහුගේ මංගල ශතකය වනවා.
සධීර පන්දු 89කදී ලකුණු 108ක් රැස් කළ අතර ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත්.
එමෙන්ම පැතුම් නිස්සංක අර්ධ ශතකයක් ද වාර්තා කළා.
ඒ අනුව පාකිස්ථානයට ලකුණු 345ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.















