
ශ්‍රී ලංකාවෙන් ලොව ප්‍රථම අගමැතිනිය බිහිවී වසර 65යි
එතෙක් පැවති සාම්ප්‍රදායික ලෝක දේශපාලනය නව මඟකට යොමු කළ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බන්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වී අදට වසර 65ක් සපිරෙනවා.
ලංකාදීපයට පමණක් නොව සමස්ත ලෝකවාසී කාන්තා පරපුරටම අභිමානයක් ගෙන එන්නට එතුමියට හැකිවුණා.
පංච මහා බලවේග එක්කරමින් රටට නව යුගයක් උදාකළ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිඳුන්ගේ ප්‍රිය බිරිඳ වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බන්ඩාරනායක මැතිනිය එතුමාගේ වියෝවෙන් පසු ඒ හිස්වූ නායකත්වයේ හිඩැස සපුරන්නට දේශපාලනයට එක් වුණා.
1972 ජනරජ පනත මඟින් ශ්‍රී ලංකාව නිදහස් ,ස්වාධීන , ස්වෛරී ජනරජයක් බවට පත්කළේ ඇයයි.
ඒ අනුව 1948 ලබාගත් නිදහස 1972 ජනරජයෙන් සම්පූර්ණ කර එංගලන්ත රැජිණගෙන් නිදහස ලබාගන්න අය කටයුතු කළා.
තවද සිරිමා ශාස්ත්‍රී ගිවිසුම,කච්චතිව් දූපත පවරාගැනීම,සිරිමා ඉන්දිරා සාගර ගිවිසුම,නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපතිත්වය යන සේවාවන් අගමැතිනිය ඉටුකළ සේවාවන් අතර කැපී පෙනෙයි.