ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම පහළට

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම පහළට

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම මෙම වසරේ පළමු මාස 9 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 900කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වනවා.

ඇඟලුම් මෙරට ප්‍රධානතම කාර්මික අපනයනය වන අතර 2022 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 5.95ක් එමඟින් උපයා තිබුණා.

ගෝලීය වශයෙන් පවතින ඉල්ලුම මන්දගාමී වීම ඇගලුම් අපනයන පහළ යාමට හේතු වී ඇති අතර විශාල වශයෙන් ඇගලුම් අපනයනය කරන අමෙරිකාව වෙත සිදුකරන අපනයනවලද පහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අමෙරිකාව වෙත සිදු කරන ඇඟලුම් අපනයන 31%කින් පහත වැටී ඇති අතර යුරෝපා සංගමයේ රටවලට සිදු කරන අපනයන 27%කින් පහළ ගොස් ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවට මෙම වසරේ ඇඟලුම් අපනයන ආදායමෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකින් පහත වැටෙනු ඇති බවට ද ඇස්තමේන්තු කර තිබෙනවා.

Share This