
ශ්‍රී ලංකාවේ වරාය ආශ්රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපානයේ එකඟතාව
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදීයි
ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බව ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී කියා සිටියා
යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විස්ටර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කළා
ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපල ආයෝජනයන්හි වර්තමාන තත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා
එමෙන්ම නුදුරු දිනකදීම ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසද ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී ජනාධිපතිවරයට ඇරයුම් කළා