
ශ්රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ පළමු ජයග්රහණය වාර්තා කරයි
2023 දැල්පන්දු ලෝක කුසලානයේ පළමු ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ(02) සමත් වී තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලිය තුළ Barbados කණ්ඩායමට එරෙහිව මෙම ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවූ බවයි ශ්රී ලංකා දැල් පන්දු සම්මේලනය සඳහන් කරන්නේ.
ඒ අනුව අවසන් ලකුණු 60-56 ලෙස දැක්වෙනවා.
එම තරගයේ Player Of the match හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමේ දුලංගි වන්නිතිලක සමත් වී තිබෙනවා.
