ශ්‍රී ලංකාව ප්‍රථම වරට බීජ අපනයනයට සැරසෙයි

ශ්‍රී ලංකාව ප්‍රථම වරට බීජ අපනයනයට සැරසෙයි

ශ්‍රී ලංකාව ප්‍රථම වරට බීජ අපනයනය කිරීමට සූදානම් වන බව කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මිරිස්, වම්බටු, කරපිංචා, බණ්ඩක්කා සහ බඩඉරිඟු යන බීජ වර්ග කිහිපයක්ම අත්හදා බැලීමෙන් අනතුරුව අපනයනය කිරීමට සූදානම් වන අතර රටවල් රැසක් මෙම බීජ සඳහා වැඩි ඉල්ලුමක් දක්වන බවද අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ වසරේ ඉහත සඳහන් බීජ වර්ග කිහිපයක් ප්‍රථම වරට අපනයනය සඳහා සූදානම් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන් අතරම එහිදී විදේශ රටවලින් විවිධ භෝග වර්ගවල බීජ ආනයනය කළත් අපේ රටේ වගාවට සුදුසුම බීජ නිෂ්පාදනය කිරීම අගය කළ යුතු බව එහිදී වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Share This