
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ඍජු ගුවන් ගමන් සේවා පුළුල් කිරීමට අවධානය
ජර්මනිය, ශ්‍රී ලංකාවේ සිව්වන විශාල සංචාරක වෙළඳපල වන බැවින් සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ඍජු ගුවන් ගමන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව තිබෙනවා
ඒ ජනාධිපතිතුමාගේ ජර්මානු සංචාරය අතරවාරයේ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ආර්ථික කටයුතු සහ බලශක්ති පිළිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය තෝමස් ස්ටෙෆන් මහතා අතර පැවති (12) හමුවේ දීයි.
ශ්‍රී ලංකාව මෑත කාලීනව ලබා ඇති ආර්ථික, දේශපාලන ස්ථාවරත්වය සහ දූෂණයෙන් තොර පාලනයක් බිහි වීම හේතුවෙන් ජර්මානු ආයෝජකයන්ට වඩාත් ආයෝජක හිතකාමී වෙළඳ පරිසරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්ට පෙන්වා දුන්නා
එමෙන්ම නිපුණ ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා ජර්මනිය ශ්‍රී ලංකාවට ලබා දෙන වෘත්තීය පුහුණු සහාය තවදුරටත් වැඩිකිරීමට ද ජර්මනිය මෙම හමුවේ දී සහතික වී තිබෙනවා
මීට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන සැලැස්මට තාක්ෂණික සහයෝගීතාවය සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය තුළින් සහාය දැක්වීමට ජර්මනියට තිබෙන උනන්දුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති බව සඳහන්