ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 8ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 8ක විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (07) පැවති තරගයෙන් කඩුලු 08 විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

හරාරේ හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 243ක් පමණයි

අනතුරුවලකුණු 244ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 02 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී තිබිය දී සිය ඉලක්කය පසු කළා.

ලකුණු සටහන පහතින්

Share This