ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 166ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 166ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවන තරගය මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම සමග බුලවායෝහිදී පැවැත්වෙනවා

ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී පන්දුවාර 32යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 166ක ඉලක්කයක් හිමි වූ අතර මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි 01ක් පන්දුවක් අවසානයේ ලකුණු 100ක් ලබා සිටිනවා

Share This