
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 429ක ඉලක්කයක්
ලෝක කුසලාන තරගාවලියේ 04වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකා කණ්ඩායම ලකුණු 428ක් වාර්තා කළා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී සිටියදීයි.
තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් ලකුණු 429ක් ලබා ගත යුතු වනවා.
ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය මෙයයි.
තරගයේ ලකුණු සටහන පහතින්.

