ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවන තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණා

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා

බුලවායෝ හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී පන්දුවාර 32යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි

ඒ අනුව ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33 යි 01ක් පන්දුවක් අවසානයේ සිය ඉලක්කය පසු කරමින් ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා

ලකුණු සටහන පහතින්

 

Share This