ශ්‍රී ලංකා ජනපතිගේ චීන නිල සංචාරයෙන් ඵලදායී ප්‍රගතීන් ලැබී ඇතැයි චීනය කියයි

ශ්‍රී ලංකා ජනපතිගේ චීන නිල සංචාරයෙන් ඵලදායී ප්‍රගතීන් ලැබී ඇතැයි චීනය කියයි

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය තුළ ඵලදායී ප්‍රගතීන් ලැබී ඇති බව චීනය පවසනවා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව පසුගිය 14 වැනිදා සිට 17 වැනි දා දක්වා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරත වුණා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කළ ප්‍රථම චීන සංචාරය මෙය වූ අතර ඉන් චීන-ශ්‍රී ලංකා සබඳතාවට වැදගත්කමක් එක් කළ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය 15 වැනි දා රාජ්‍ය නායකයන් දෙදෙනා හමුවූ අවස්ථාවේදී දෙරට උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාවක් ගොඩනැංවීමට ද එකඟතා පළ කර තිබෙනවා.

දෙරට විසින් නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනය මගින් අනුර කුමාර දිසානායක මහතාගේ මෙවර චීන සංචාරයේ සාධනීය ප්‍රගතීන් පිළිබිඹු කෙරෙන බවයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This