
ශ්‍රී ලංකා රසායනික විද්‍යාවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 10 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සැමරේ.
මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යායතනයේ (College of Chemical Pathologists of Sri Lanka – CCPSL) 10 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින්.
“අභියෝග හෙළිදරව් කිරීම: විශිෂ්ටත්වය සඳහා ගුණාත්මක කථීකාව – Unraveling Challenges: Quality Saga for Excellence” යන්න තේමා කර ගනිමින් රසායනාගාර සහ සායනික සැකසුම් යන දෙඅංශයෙහි වෘත්තිකයන් සමඟ රසායනික ව්‍යාධි විද්‍යාවේ වත්මන් සංකල්ප එකට ගෙන එමින් මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරය සංවිධානය කර තිබුණා.
මෙහිදී ආරාධිත ප්‍රධාන දේශණය එක්සත් රාජධානියේ සායනික ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය දේවකී නායර් මහත්මිය විසින් සිදු කළා.