ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාවක්… වසරකදී එකතු කළ වැඩිම ආදායම

ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාවක්… වසරකදී එකතු කළ වැඩිම ආදායම

වසරකදී එකතු කළ වැඩිම ආදායම වාර්තා කරමින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 02ක මුදල ඊයේ (ඔක්තෝම්බර් 30) ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ලඟා වෙමින් පවතිනවා.

ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්ථාගත ආදායම ලබාගෙන තිබෙනවා.

මෝටර් රථ වලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් මේ ආදායමට අන්තර්ගත වී ඇත.

වසර අවසාන වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300 ක් පමන අතිරේකව එක්‍ රැස් කරගත හැකිවනු ඇති බවට රේගුව විශ්වාසය පල කරයි.

Share This