ශ්‍රී ලන්කන් අලුත් සුමිතුරාව  හොඳට බලාගන්න 4 වෙනිදා

ශ්‍රී ලන්කන් අලුත් සුමිතුරාව හොඳට බලාගන්න 4 වෙනිදා

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය 2025 ජුනි 4 වන බදාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කරනු ඇත.

උදෑසන 8:00 සිට 9:00 දක්වා, අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කරනු ඇත. ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධකරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයින්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇත.

Share This