ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් රියැලිටි කලාවේ නවමු පෙරළිය – DUO STARS ළඟදීම (VIDEO)
ශ්‍රී ලාංකේය නූතනවාදී ටෙලිවිෂන් පරිච්ඡේදයේ අභිමානය පෙරටු කරගත් ස්වර්ණවාහිනීය 2024 වර්ෂයේ මුල සිට නව ගමනක් ආරම්භ කිරීමට කටයුතු කළා.
එහිදී නිර්මාණාත්මක, ප්රචාරාත්මක සහ ප්‍රවර්ධනාත්මක අති දැවැන්ත වැඩසටහන් රැසක් ලාංකේය ජනතාවට සමීප කරවීමයි ස්වර්ණවාහිනී අපේ අරමුණ වුණේ.
කවදත් ශ්‍රී ලාංකේය අභිමානයේ ස්වර්ණ සලකුණ බවට පත්වූ ස්වර්ණවාහිනීය මෙරට රියැලිටි වැඩසටහන් ඉතිහාසය වෙනස් කරන නවමු පෙරළියකට පසුගියදා මුල පිරුවේ ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් ලබාදීමේ අපේක්ෂාවෙන්.
ඒ අනුව ලාංකික ප්‍රේක්ෂක ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබාදෙමින් මෙරට රියැලිටි ඉතිහාසයේ පළමුවරට යුගල ගායන හඬ පෞර්ෂත්වයේ ආගමනය වන ’ඩුවෝ ස්ටාර්ස්’ රියැලිටි වැඩසටහන නිල වශයෙන් එළි දැක්වීම සිදුකළා.
එමෙන්ම ස්වර්ණවාහිනියෙන් දියත් කළ නව වැඩසටහන් සමග අත්වැල් බැඳ ගනිමින් ස්වර්ණවාහිනීය කෙරෙහි විශ්වාසය තැබූ කීර්තිමත් වෙළඳ සන්නාම රැසකට උත්තමාචාර පුද කිරීමද එහිදී සිදු කෙරුණා.
මෙහිදී ගම් දනව් නගර සිසාරා සිටින ගායන හඬ පෞර්ෂත්වයක් හිමි ඔබට යුගල වශයෙන් ඩුවෝ ස්ටාර්ස් තුළින් සුපිරි තරුවක් බවට පත්වීමට මේ ඔස්සේ අවකාශ විවර වන බව සඳහන් කළ යුතුයි.
මෙම අවස්ථාවට ස්වර්ණවාහිනී විස් බ්‍රෝඩ් කාස්ටින් සහ මොනරා නාලිකාවන්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි, මාධ්‍යය – ධම්මික තෙන්නකෝන් මහතා, ස්වර්ණවාහිනී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදාර විජේසිංහ මහතා, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි චන්න තෙන්නකෝන් මහතා, ලයිකා ප්රඩක්ෂන්ස් ශ්‍රී ලංකාහි උප සභාපතිනි ජානකී විජේරත්න මහත්මිය, ස්වර්ණවාහිනී අධ්යක්ෂ සාමාන්‍යාධිකාරි ඩිලන් සැමුවෙල්, ස්වර්ණවාහිනී අලෙවි අධ්යක්ෂ අරෝෂ මලින්ද මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයද එක් වුණා.