ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත රාහුල් ගාන්ධිගේ ඉදිරි දේශපාලන ගමන තීරණය වෙයිද ?

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත රාහුල් ගාන්ධිගේ ඉදිරි දේශපාලන ගමන තීරණය වෙයිද ?

අපහාස නඩුවකට වරදකරු වීම වළක්වන ලෙස ඉල්ලා විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ගාන්ධි මහතාට ලබන වසරේ ජාතික මැතිවරණයට ඉදිරිපත් විය හැකිද යන්න තීරණය කරනු ඇති .

මෙම මස මුලදී, ගුජරාට් ප්‍රාන්තයේ උසාවියක් ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබුණේ , වරදකරුවෙකු කිරීම සාධාරණ සහ යුක්තිසහගත බව පවසමිනුයි

මැතිවරණ ප්‍රචාරක රැලියකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන ප්‍රකාශ කිරීම හේතුවෙන් ගාන්ධි මහතාට වසර දෙකක සිර දඬුවමක් නියමවුණා

නමුත් සියලු නීතිමය අභියාචනා අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට ගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

දඬුවම් නියම කිරීමෙන් පසු ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහිමි වූණා

ඔහුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස යළි පත් කිරීම සිදුවන්නේ ඔහුගේ දඬුවම අත්හිටුවීම මතයි

Share This