ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර මාරුවීම ගැන සොයන්න විමර්ශන කණ්ඩායමක් ඇහැටුවැවට (VIDEO)

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර මාරුවීම ගැන සොයන්න විමර්ශන කණ්ඩායමක් ඇහැටුවැවට (VIDEO)

ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සිටි සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර මාරු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් පිරිසක් හෙට (20) හෝ අනිද්දා (21) දිනයේ ඇහැටුවැව ප්‍රදේශයට ගොස් අදාළ දරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ.

විභාගයේ අධික්ෂණ කටයුතු සඳහා යොදවා සිටි ගුරුවරිය විසින් අනුක්‍රමික අංක මාරු වී ඇති බව පවසා සිසුන් ලියමින් සිටි ප්‍රශ්න පත්‍ර නැවත බෙදා දී තිබුණා.

මේ හේතුවෙන් එම සිසුන්ට ආසාධාරණයක් සිදු වූ බවට වාර්තාවූ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් විභාග දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව සඳහන්.

එම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සකස් කර ඇති අතර ඔහු සමග ශාලාධිපති සහ නිරීක්ෂක මණ්ඩලය ද කැඳවා ඇති බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

Share This