ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා

අද (13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අනිද්දා (15) පෙරවරු 9.30ට විභාගය ආරම්භ වන බවයි

එමෙන්ම උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ

මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අතර සිංහල මාධ්‍යෙයන් අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිටිනවා

Share This