ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ පළමු තැන අම්බලන්ගොඩට (VIDEO)

ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ පළමු තැන අම්බලන්ගොඩට (VIDEO)

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත් වුණා

ඒ අනුව ඇය විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගෙන තිබුණා

එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බවයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකියි

Share This