සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී යයි – 30කට වැඩි පිරිසක් අතුරුදන්

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී යයි – 30කට වැඩි පිරිසක් අතුරුදන්

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 30කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි විශ්වාස කෙරෙන බව එරට බලධාරීන් පවසනවා

ටියුනීසියාවේ Sfax වරාය නගරයෙන් පිටත් වූ මෙම බෝට්ටු දෙකෙන් එකක පුද්ගලයන් 48ක් සහ අනෙක් බෝට්ටුවේ මගීන් 42ක් සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා .

කාන්තාවකගේ සහ ඇගේ අවුරුද්දක් වයසැති බිලිඳාගේ සිරුරු සොයාගෙන ඇති බව ඉතාලි වෙරළාරක්ෂක භටයන් පවසනවා

කෙසේවෙතත් ටියුනීසියානු නිලධාරීන් පවසා ඇත්තේ සංක්‍රමණිකයන් 10 දෙනෙකුගේ සිරුරු Sfax අසල වෙරළක තිබී සොයාගත් බවයි.

ඉතාලි බලධාරීන් පැවසුවේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

ලැම්පෙඩුසා සිට නිරිත දෙසින් නාවික සැතපුම් 23 ක් පමණ දුරින් යාත්‍රා ගිලී ගිය විට සංක්‍රමණිකයන් 57 දෙනෙකු බේරා ගත් බව ඉතාලියේ වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This