සංක්‍රමණික හරස් මාර්ග සම්බන්ධයෙන් ප්‍රංශ අමාත්‍යවරුන්ගේ අවධානය

සංක්‍රමණික හරස් මාර්ග සම්බන්ධයෙන් ප්‍රංශ අමාත්‍යවරුන්ගේ අවධානය

ප්‍රංශ වෙරළට ඔබ්බෙන් යාත්‍රාවක් ගිලී එහි සිටි සංක්‍රමණිකයන් 6 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එහිදී පුද්ගලයන් 59 දෙනෙකු බේරාගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වනවා

මේ අතර මෙලෙස අනවසරයෙන් ගමන් ගන්නා බෝට්ටු නැවැත්වීම පිළිබඳව සහ මෙම සංක්‍රමණිකයින් ගමන් ගන්නා සංක්‍රමණික හරස් මාර්ග පිළිබඳව එරට රජය සහ අමාත්‍යවරුන් අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ

Sangatte සිට සැතපුම් 12 ක් දුරින්අධික බර පැටවූ යාත්‍රාව පෙරළී ගොස් තිබු අතර අතර එය එක්සත් රාජධානියට ළඟා වීමේ බලාපොරොත්තුවෙන් පිටත් වූ සංක්‍රමණික යාත්‍රා ගණනාවකින් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

සංක්‍රමණිකයන් බේරා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ කණ්ඩායම් එක්ව කටයුතු කළ අතර බෝට්ටුවේ සිටි පිරිස ප්‍රධාන වශයෙන් ඇෆ්ගන් ජාතිකයන් වන අතර අනෙක් අය සුඩාන ජාතිකයන් බව වාර්තා වී තිබෙනවා

පසුගිය වසර පහ තුළ සංක්‍රමණිකයන් 100,000 කට වැඩි පිරිසක් කුඩා බෝට්ටුවලින් අනතුරුදායක ලෙස සංක්‍රමණික හරස් මාර්ග ඔස්සේ ගමන් කර ඇති බවත් පසුගිය සෙනසුරාදා 500 කට වැඩි පිරිසක් පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This