සංචාරකයින් වැලනොකැඩී එන්න අරන් – සංචාරකයින්ට රියදුරු බලපත්‍ර ගන්න කටුනායක විශේෂ කවුළුවක්

සංචාරකයින් වැලනොකැඩී එන්න අරන් – සංචාරකයින්ට රියදුරු බලපත්‍ර ගන්න කටුනායක විශේෂ කවුළුවක්

සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර ජුලි මාසය තුළදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 2ක ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ දත්තවලට අනුව ජුලි මාසයේදී සංචාරකයින් 200,244ක් මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ ජුලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6% ක වැඩිවීමක්.

එම දත්තවලට අනුව ජුලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128 දෙනෙකු පැමිණ ඇති අතර එය ප්‍රතිශතයක් 18.5%ක්.

තවද එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556ක්, ඡීනයෙන් 12,982 ක් ප්‍රංශ ජාතිකයින් 11,059 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

මෙලෙස සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද පස්වරුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතයි.

මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන්නේ මෙතෙක් එම කටයුතු සිදු කරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස අද පස්වරු 3 සිට මෙම කටයුතු කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ ආරම්භ කරන බවයි.

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන්තොටුපල හෝ ඊට ආසන්න ස්ථානවලින් කුලී පදනම මත වාහන ලබා ගෙන ඔවුන්ම රියදුරන් ලෙස කටයුතු කරමින් සිය සංචාරවල නිරත වන බවයි.

මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙන්ම සැහැල්ලු වාහන යොදා ගන්නා බව පෙනී ගොස් ඇති බවද කොමසාරිස්වරයා පැවසුවා.

කෙසේ වෙතත් නව ක්‍රමවේද යටතේ විදේශකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි බලපත්‍ර පමණක් නිකුත් කරන බව පැවසූ ඒ මහතා බර වාහන හෝ ත්‍රිරෝද රථ සඳහා රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

Share This