
සජිත් එක්ක ගම්මන්පිල – සීලරතන හිමි ඇතුළු පිරිසක් කළ සාකච්ඡාවේ සැළසුම මොකද්ද?
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා.
ඊට තවත් මහජන නියෝජිතයින් පිරිසක් එක් වූ අතර, එම හමුව විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊට එක්වූ ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු කිහිපදෙනෙකුද විපක්‍ෂ නායක කාර්යාලය වෙත පැමිණි අතර උන්වහන්සේ පැවසුවේ ජාතික වශයෙන් වැදගත් කාරණා කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමට පැමිණි බවයි.