සටන් විරාමයකට එකඟ වුණේ නැහැ – ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කියයි –

සටන් විරාමයකට එකඟ වුණේ නැහැ – ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කියයි –

ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව ප්‍රකාශ කළ බවට පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය පවසනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu ද අදාළ වාර්තා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ගාසා තීරයේ සිර වී සිටින විදෙස් ජාතිකයින්ට ඉන් ඉවත්වීමට සහ මානුෂීය ආධාර රැගත් වාහන සඳහා ඇතුළුවීමට එම සටන් විරාමය දකුණු ගාසා කලාපය සඳහා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

එරට වේලාවෙන් පෙරවරු 09 ට ඊජිප්තු දේශසීමාවේ Rafah හුවමාරු දොරටුව විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ගාසා තීරයෙන් පිටතට යාමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් එම ස්ථානයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නේ Rafah හුවමාරු දොරටුව විවෘත කිරීමට ඉඩ ලබාදීම සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බවට පළ වූ වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.

Share This