සටන් විරාමයේ අවසන් දිනය – ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 17ක්ද පලස්තීන සිරකරුවන් 39ක්ද නිදහස් කෙරේ

සටන් විරාමයේ අවසන් දිනය – ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 17ක්ද පලස්තීන සිරකරුවන් 39ක්ද නිදහස් කෙරේ

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් තිදෙනෙකු නිදහස් කර ඇති අතර ඒ වෙනුවට ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇති බව එහි බන්ධනාගාර සේවය පවසා තිබෙනවා

එමෙන්ම හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය සමග දැනට පවතින දින 4ක සටන් විරාමය දීර්ඝ කර නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට උත්සාහ කරන බවයි

දැඩි ලෙස අවශ්‍යව ඇති ඉන්ධන, ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා ගසාහි වැසියන් සටන් විරාමය භාවිතා කර ඇති බවයි පැවසෙන්නේ

ඔක්තෝබර් 7 වැනිදා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

මේ වන විට ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් කිහිප දෙනෙකු හුවමාරු කර ගෙන ඇති සටනේ විරාමය එනම් එහි සිව්වන සහ අවසාන දිනයට පිවිස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

කෙසේ වෙතත් හමාස් සංවිධානය ගිවිසුම දීර්ඝ කර තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඉදිරිපත් වී තිබෙනවා

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ මුල් ගිවිසුම දීර්ඝ කළ හැකි නමුත් ගාසා තීරයේ මෙහෙයුම් සටන් විරාම කාලයෙන් පසු පූර්ණ ලෙස එය නැවත ආරම්භ කරන බවයි.

Share This