සටන් විරාමය උල්ලංඝනය කළාට ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්

සටන් විරාමය උල්ලංඝනය කළාට ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්

ඉරානය සටන් විරාමය උල්ලංඝනය කල බවත් ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ටෙහෙරානය අසල රේඩාර් පෙළකට පහර දුන් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ඉරානය දේශීය වේලාවෙන් උදෑසන 07:06 ට (BST 05:06) ඊශ්‍රායලයට එක් මිසයිලයක් සහ රාත්‍රී 10:25 ට තවත් මිසයිල දෙකක් එල්ල කළ බවයි.

ඊශ්‍රායල අගමැති ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීමෙන් පසුව ඊශ්‍රායලය, ඉරානයට එරෙහි ප්‍රහාරවලින් වැළකී සිටි බවත් එම වාර්තාවේ සඳහන්.

එහෙත් සටන් විරාමය ආරම්භ වීමෙන් පසු නව ප්‍රහාර දියත් කළ බවට එල්ල වන චෝදනා ටෙහෙරානය ප්‍රතික්ෂේප කර තිබේ.

Share This