සටන් විරාමය තවත් දිනකට දිගු කෙරේ

සටන් විරාමය තවත් දිනකට දිගු කෙරේ

හමාස් සංවිධානය ඊශ්‍රායලය සමග පවතින සටන් විරාමය හත්වැනි දිනටත් දීර්ඝ කිරීමට එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාමට කෙරෙන මැදිහත්කරුවන්ගේ උත්සාහයන් අනුව හමාස් සංවිධානය සමග සටන් විරාමයක් දිගටම පවතිනු ඇති බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙන්නේ

මෙය ගිවිසුමේ නියමයන්ට යටත්ව සිදුවන බවද වැඩිදුරටත් සඳහන් කරනවා

Share This