සත්ත්ව සංගණන පත්‍රිකා වියදම ගැන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දුන් අමාත්‍යාංශය

සත්ත්ව සංගණන පත්‍රිකා වියදම ගැන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දුන් අමාත්‍යාංශය

කෘෂි භෝග සඳහා හානි කරන වන සත්ත්ව සංගණනයට අදාළව මුද්‍රණය කළ සංගණන පත්‍රිකා පිරිවැය සම්බන්ධයෙන් පළවන අසත්‍ය මාධ්‍ය වාර්තා පිළිබඳ වූ පැහැදිලි කිරීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා වැය කරනු ලැබුවේ සත 30ක මුදලක් පමණක් වන අතර එම මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සිදුකළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අදාළ මුද්‍රණ කටයුතු වැට් සහිතව රුපියල් 2,478,000.00ක් වැය වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අනුරාධ තෙන්නකෝන් නමැත්තා විසින් පත්‍රිකාවක් මුද්‍රණය සඳහා ආසන්න වශයෙන්ම රු.10.00ක් වැය කර ඇති බවටත්, මුද්‍රණය සඳහා මුළු වියදම කෝටි හතකට ආසන්න බවටත් දක්වන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This