
සතියක් තුළ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම් කරන්න – මැතිවරණ කොමිෂන් සභාව
පසුගියදා පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දි තිබෙනවා.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ දී ඒ ඒ පක්ෂවලට හිමි වූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව අනුව සභිකයින් තෝරාගත යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වෙත මේවන විට ලිඛිතව දැනුම්දිමක්ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ එම තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි.
ඒ අනුව සතියක් තුළ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂවලට දැනුම් දි ඇත.
ඊට අමතරව බහුතර බලයක් හිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම් කර එවන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබේ.