සති අන්තයේ සීතාවක යන්න සුඛෝපභෝගී කෝච්චියක් (VIDEO)
සීතාවක, අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සීතාවක ඔඩිසි දුම්රිය සිය මංගල ගමන අද (15) පෙරවරුවේ ආරම්භ කළා.
ඒ අනුව සෑම ඉරිදා දිනකම පෙරවරු 07.00ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මෙම සුඛෝපභෝගි දුම්රිය පෙරවරු 10 වන විට වග දුම්රිය ස්ථානයට ළඟා වනවා.
ඓතිහාසික සීතාවක අවිස්සාවෙල්ල කලාපයේ පවතින සංචාරක ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් සීතාවක ඔඩිසි දුම්රිය ධාවනයට එක්කර ඇත්තේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්.
මෙම දුම්රියෙන් සීතාවක රාජධානියට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයින්ට රාජසිංහ රජ සමයේ ඉදිකළ පුරාවිද්‍යා ස්ථාන නැරඹිය හැකි අතර කුමාරි ඇල්ල, සීතාවක, උද්භිත උද්‍යානය, කලටුවාවල ලබුගම ජලාශල, රන්මුතු ඇල්ල යන ස්ථානවලදී කැළණි මිටියාවතේ සුන්දරත්වය අත්විඳිය හැකි වනවා.
එමෙන්ම වග දුම්රිය ස්ථානයට පැමිණෙන සංචාරකයින් බස් රථ යොදා ගනිමින් සංචාරක ස්ථාන නැරඹීම සඳහා රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.
පසුව යළිත් පස්වරු 06 ට සීතාවක ඔඩිසි දුම්රිය කොළඹ බලා ගමන් ආරම්භ කරනවා.