සති කීපයකට හෝ රට ලොක්ඩවුන් කළ යුතුයි -වෛද්‍ය සංසදයෙන් නිකුත් කළ නිවේදනය මෙන්න
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ කැපීපෙනෙන වර්ධනයක් ඇතිවීමත්, මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩිවීමත් – ඩෙල්ටා ප්‍රභේදය ඉතාම වේගයෙන් ව්‍යාප්තවීමත්, රෝහල් පද්ධතියේ ධාරිතාව ප්‍රමාණය ඉක්මවා යෑමත් හේතුකොට ගෙන වෛරසය ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා සති කීපයකට හෝ රට අගුළු දැමීම (Lockdown) කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය දැඩිව අවධාරණය කරනවා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටිනවා
මේ බැරෑරුම් අවස්ථාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක් බවයි එම මාධ්‍ය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙන්නේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා නිකුත් කළ එම නිවේදනය මෙසේයි
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර දෛනික මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතිනවා .
ඩෙල්ටා ප්‍රභේදය ඉතාම වේගයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ රෝහල් පද්ධතියේ ධාරිතාව පමණ ඉක්මවා ඇති අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ළඟා වී තිබෙනවා .
ගෝලීය කොවිඩ් – 19 වසංගතය තුළ අද අප රට, මෙතෙක් මුහුණදුන් ඉතාමත් බැරෑරුම් තත්ත්වයට මුහුණදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස අප ප්‍රකාශ කළ යුතුයි
එමෙන්ම සත්‍ය ලෙස සමාජයේ සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි බව අපේක්ෂා කළ යුතු වනවා .
එන්නත්කරණය හරහා මරණයට පත්වීමේ අවදානම අඩු වුවද රෝග ව්‍යාප්තිය මේ වන විට ඉතා ශීඝ්‍ර ලෙස සමාජය තුළ සිදුවන බව පැහැදිලියි
ප්‍රමාද වී ඇරඹුණු එන්නත්කරණ ක්‍රියාවලිය අද වන විට යම් පමණක වේගවත් බවකින් සිදු වුවද එය මීට වඩා කඩිනම් ලෙස හා ඉලක්ක ගතව ඉදිරියට යා යුතුයි
එසේම තවදුරටත් වෛරසය ව්‍යාප්තිය සිදුවන ලෙස ජනතාව ඒකරාශී නොවන පරිදි විධිමත් ලෙස එන්නත්කරණ ක්‍රියාවලිය සංවිධානය කළ යුතුයි
මහජනතාවට එන්නත්කරණය හරහා ලැබෙන ආරක්ෂාකාරී හැඟීම සමඟම ඔවුන්ගේ අවදානම් හැසිරීම් “ඩෙල්ටා” ප්‍රභේදයේ ව්‍යාප්තියට හේතු වී ඇති බව පෙනෙන්නට තිබෙනවා
එමෙන්ම “ඩෙල්ටා” ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් අපට තවත් බරපතළ සෞඛ්‍යමය ප්‍රශ්නයකට මුහුණදීමට සිදු වී ඇති අතර .කුඩා දරුවන්ට “ඩෙල්ටා” ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම වැඩි වීම සහ රෝගී තත්ත්වය බරපතළ වීමේ ප්‍රවණතාව පෙරට වඩා වැඩි වී තිබෙනවා
එබැවින් ඉතාමත්ම ඉක්මනින් ලෝකයේ අනෙක් රටවල දරුවන්ට එන්නත්කරණය සිදුකළ ආකාරය ගැන පුළුල්ව අධ්‍යයනයක් සිදුකර අප රටේ දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණය කඩිනමින් ආරම්භ කළ යුතුයි
කොරෝනා ආසාදනය නිසා සිදුවන ළමා මරණ ඉහළ යෑම අවම කර ගැනීමට එය ඉතා වැදගත් බව අපගේ හැඟීමයි.
රෝහල් පද්ධතියේ ධාරිතාව පමණ ඉක්මවා ඇති නිසා අසාධ්‍ය නොවන රෝගීන් නිවාසවල තබා සත්කාර කිරීමේ වැඩපිළිවෙළ පුළුල් ලෙස හා විධිමත් ලෙස සංවිධානය කිරීම අත්‍යවශ්‍ය යි .
මේ බැරෑරුම් අවස්ථාවේදී කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම ලෙස අවධාරණය කරනවා .
මහජනතාවගේ අවදානම් සහගත හැසිරීම් පාලනය කර වෛරසය ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා මේ අවස්ථාවේදී සති කිහිපයකට රට ඇගුළු දැමීම කළ යුතු බව දැඩිව අවධාරණය කරමු යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා