
සබරගමු විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් 4ක් අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් සිව්දෙනෙකු අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙක්
අත්අඩංගුවට ගත් සිසුන් හෙට (06) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා
එමෙන්ම ඊයේ (04) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා