සමනල පැහැරගැනීමට මෙතෙක් පැනවූ ඉහළම දඩය

සමනල පැහැරගැනීමට මෙතෙක් පැනවූ ඉහළම දඩය

යාල වනෝද්‍යානයේ සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් මිලියන 60ක දඩයක් නියම කර තිබෙනවා.

එම ඩොලර් 200,000 සමාන බව සඳහන්.

යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් 68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත් මැටියා පසුගිය මැයි මසදී කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වූ අතර, වනජීවී අපරාධයක් සඳහා ඉහළම දඩය නියම කර ඇති බව සඳහන්.

Share This