සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ඉශාන් සංඛ මාපිටිගමට

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ඉශාන් සංඛ මාපිටිගමට

පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක කතාබහකට ලක්වුණු ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ඉශාන් සංඛ මාපිටිගම මහතා අද(20) පත් වුණා.

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයට බස්නායක නිලමේවරයෙකු තෝරාපත් කර ගැනීමේ නිල වරණය අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.

ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් R.M.G සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම නිලවරණය සඳහා අපේක්ෂකයින් විස්සක් පමණ තරග වැදුණු අතර මුළු ඡන්ද සංඛ්‍යාව 12ක් මින් නම්යෝජනා වී ඇත්තේ ඉශාන් සංඛ මාපිටිගම මහතාගේ සහ ජයසිංහ බණ්ඩාර යන දෙදෙනාගේයි.

පසුව මේ දෙදෙනා අතර පැවති තරඟයෙන් ඉශාන් සංඛ මාපිටිගම මහතා චන්ද හයකුත් (06) ජයසිංහ බණ්ඩාර මහතා ඡන්ද හතරකුත් (04) හිමිකර ගත්තා.

සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට තරුණයකු පත් වූ ප්‍රථම අවස්ථා මෙය වන අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ 800 වැනි පෙරහරයි.

මෙම අවස්ථාවට ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ආගමික වතාවත් සිදුකරමින් සහභාගි වුණා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද අද යොදා තිබුණා.

Share This