සමරිසි විවාහ සම්බන්ධයෙන් වූ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙයි

සමරිසි විවාහ සම්බන්ධයෙන් වූ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙයි

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි විවාහ සම්බන්ධයෙන් වූ සිය තීන්දුව ලබා දී තිබෙනවා

ඒ සඳහා තමන්ට බලයක් නොමැති බව පවසමින් සමරිසි විවාහ නීතිගත කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සමරිසි පුද්ගලයින් සඳහා සමාජ සහ නීතිමය අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ ලබා දීම සලකා බැලීමට මණ්ඩලයක් පිහිටුවීමට රජය කළ යෝජනාව අධිකරණය ඒ වෙනුවට පිළිගෙන තිබෙනවා

ඉන්දියාවේ සමරිසි පුද්ගලයින්ට නීත්‍යානුකූලව විවාහ වීමට අවසර දීම සඳහා නීතිය වෙනස් කරන ලෙස ඉල්ලා අධිකරණය විසින් අප්‍රේල් සහ මැයි මාසවලදී ද පෙත්සම් විභාග කර තිබුණා .

කෙසේවෙතත් රජය සහ ආගමික නායකයන් සමරිසි සංගම්වලට දැඩි ලෙස විරුද්ධ වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This