සමාජයේ ආකල්පමය පරිවර්තනයකට රාජ්‍ය මාධ්‍ය දායක කර ගැනීමේ සැලැස්මක් සකස් කරන්නැයි ජනපති කියයි

සමාජයේ ආකල්පමය පරිවර්තනයකට රාජ්‍ය මාධ්‍ය දායක කර ගැනීමේ සැලැස්මක් සකස් කරන්නැයි ජනපති කියයි

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ සිදුකර තිබෙනවා.

එහි දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ සමාජ ආකල්ප වර්ධනය සඳහා මැදිහත්වීම රාජ්‍ය මාධ්‍යයේ වගකීම බවයි.

එබැවින් රාජ්‍ය මාධ්‍ය සමාජ ආකල්ප පරිවර්තනයට දායකකර ගැනීමට අදාළ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව සඳහන් කර තිබෙනවා.

තැපැල් සේවාව වර්තමානයට ගැළපෙන අන්දමින් යාවත්කාලීන කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර කුරියර් සේවා වැනි සේවාවන් නවීන තාක්ෂණයට අනුව පරිවර්තනයන්ට ලක් කරමින් තැපැල් සේවාව නව මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබෙනවා.

මීට පෙර මතුව තිබු ගැටලුව වන්නේ අවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් අයවැය ප්‍රතිපාදන නොලැබීම බවත්, එම තත්ත්වය වෙනස් කරමින් පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙහිදී පෙන්වා දී ඇති ජනාධිතිවරයා එම සියලු ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ නියමිත ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවමින් ජනතාවට එහි උපරිම ප්‍රතිලාභ අත්කර දීමේ වැදගත්කමද අවධාරණය කර තිබෙනවා.

Share This