සමාන්‍ය පෙළ ප්‍රතිඵල වැදගත්ම නැති උසස් පෙළ වෘත්තීය විෂයට ඇතුලත් කිරීමට අයැදුම් කිරීම මේ දිනවල

සමාන්‍ය පෙළ ප්‍රතිඵල වැදගත්ම නැති උසස් පෙළ වෘත්තීය විෂයට ඇතුලත් කිරීමට අයැදුම් කිරීම මේ දිනවල

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කෙරෙනවා

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය සලකා නොබැලෙන අතර උසස් පෙළට ඇතුළත් වී 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස්, විදෙස් පිළිගැනීමකින් යුතු වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට මෙමඟින් සිසුන්ට අවස්ථා සැලසෙනවා.

2024 (2025) හෝ පසුගිය වසර 2ක් ඇතුළත හෝ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට තම ප්‍රදේශයේ වෘත්තීය විෂය ධාරාව සහිත පාසලක 12 ශ්‍රේණිය සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙමගින් 12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කළ හැකියි.

13 ශ්‍රේණියේ දී සිසුන්ට සුදුසු වෘත්තීයක NVQ 4 මට්ටමේ පුහුණුවකට රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට පාසල විසින් ම සම්බන්ධ කෙ‍රෙනවා.

මෙහි දී, සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන් ම රැකියා ස්ථානයක පුහුණුව ද ලබා ගත හැකි වනු ඇති.

ඒ අනුව, සංචාරක හා ආගන්තුක සත්කාරය, මෝටර් රථ/ රථ වාහන තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා සත්කාර සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, කලා ඇතුළු ශිල්ප, ආහාර නිෂ්පාදනය, ඇඟලුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ලෝහ පිරිසැකසුම්කරණය, පෑස්සුම් ශිල්පය, යන්ත්‍ර ක්‍රියාකරවීම, ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, කෘෂි හා වැවිලි කර්මාන්තය, ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය, ක්‍රීඩා, ජීවිතාරක්ෂ හා කිමිදුම් ශිල්ප, වෙළඳ හා සැපයුම් යනාදී ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණු අවස්ථා සිසුන්ට හිමි වනවා.

මෙම පුහුණුව සාර්ථකව නිමා කරමින් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසුන්ට NVQ 4 සහතිකය හිමිකර ගත හැකි අතර, එයින් රැකියාවලට, උසස් වෘත්තීය අධ්‍යාපන අවස්ථාවලට මෙන් ම ව්‍යවසායකත්වයට ද පිවිසිය හැකියි.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත්වීමේ අයදුම් පත්‍රය, අයදුම් කළ හැකි පාසල් ලේඛනය, වෘත්තීය පුහුණුව ලැබිය හැකි ක්ෂේත්‍ර ඇතුළු තොරතුරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ යටතේ පළ කර තිබෙනවා.

මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත්/ අසමත් භේදයකින් තොර ව සිසුන්ට දහතුන් වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා සම්බන්ධ වීමෙන් හෝ මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකියි.

Share This