සමානාත්මකතාව පිළිබඳ මහඟු සංකල්පය ලොවට කියා දුන්නා – ජනපති

සමානාත්මකතාව පිළිබඳ මහඟු සංකල්පය ලොවට කියා දුන්නා – ජනපති

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ නබි නායකතුමන්ගේ ඉගැන්වීමෙහි පදනම වූයේ ජාතියෙන්, කුලයෙන් හෝ වර්ණයෙන් එක් පුද්ගලයෙකු තවත් කෙනෙකුට වඩා උසස් හෝ පහත් නොවන බවට සමානාත්මකතාව පිළිබඳ මහඟු සංකල්පයක් බවයි.

සෑම ලෙසකින්ම බිඳුණු අප සමාජය වෙත මනුෂ්‍යත්වය සහ ප්‍රේමය කැටුව එමින් නව හර පද්ධතියක් මත රට උසස් තලයකට ඔසවා තැබීමට අප දරණ වෑයමේදී, අප හා ඒ ගමනට එක්ව සිටින ඔබ සැමට නබි නායකතුමන්ගේ සැබෑ ජීවනාදර්ශය ජීවිතවලට සමීප කරගනිමින් මෙවර මිලාද්-උන්-නබි සැමරුම වඩා අර්ථවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දෙනවා.

Share This