සරසවි සිසුන් මර්දනයට එරෙහිව පේරාදෙණියේ විරෝධතාවක් (VIDEO)

සරසවි සිසුන් මර්දනයට එරෙහිව පේරාදෙණියේ විරෝධතාවක් (VIDEO)

නවකවදය පාලනය කරන මුවාවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මර්දනය කිරීමට රජය කටයුතු කරන බවට අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් චෝදනා කරනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මර්දනයට එරෙහිව විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතා පෙළපාලියක් ද සංවිධානය කර තිබුණා.

Share This