සහකාර පොලිස් අධිකාරිවරයෙක් පැලවත්ත වෙළඳසැලකට කළ තර්ජනය ගැන පොලිස් දෙපාර්තමේන්තුව උත්තර දෙයි

සහකාර පොලිස් අධිකාරිවරයෙක් පැලවත්ත වෙළඳසැලකට කළ තර්ජනය ගැන පොලිස් දෙපාර්තමේන්තුව උත්තර දෙයි

පොලිස් නිලධාරීන් සිදුකරන ඕනෑම අනීතික ක්‍රියාවක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන්නේ නම් ඔහු කවර තරාතිරමක නිලධාරියෙකු වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පොලිස් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු පැලවත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට ගොස් ව්‍යාපාරිකයාට තර්ජනය කරන බවට දැක්වෙන විඩියෝවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ හෝටලයකට ගිය සහකාර පොලිස් අධිකාරිවරයෙකු එහි මුදල් අයකැමිවරයාට තර්ජනය කරන බව දැක්වමින් වීඩියෝවක් හෝටලයෙහි හිමිකරුවන් ඊයේ සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවත් ඊයේ සවස නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වුණේ එම හෝටලයේ සේවකයෙකුගේ මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනයට නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා එම ස්ථානයට ගොස් ඇති බවයි.

එම අවස්ථාවේ වෙළඳසැල ඉදිරිපිට පදික වේදිකාවේ පුද්ගලයන් දුම්වැටි භාවිත කරමින් සිටින අයුරු දැක ඒ සම්බන්ධයෙන් වෙළඳසැලේ හිමිකරුගෙන් කරන ප්‍රශ්න කිරීමක් දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජයට මුදා හැර ඇති බවත් එහි දැක්වෙනවා.

කෙසේ වෙත්ත එහිදී පොලිසිය යම් සන්තෝසමක් නොදීම සම්බන්ධයෙන් තර්ජනක් කළා නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාවක් ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පොලිසිය, එසේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කවර තරාතිරමක නිලධාරියෙකුට වුවද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් අවධාරණය කරනවා.

 

 

Share This