සහල් ආනයනය අත්හිටුවන ගැසට් පත්‍රය ඉක්මණින්ම

සහල් ආනයනය අත්හිටුවන ගැසට් පත්‍රය ඉක්මණින්ම

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිතුමන් හමුවූ අවස්ථාවක දීයි.

පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමත් හේතුවෙන්
2023 වසරේ දී සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා ජනාධිපතිතුමන් සමග ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.

 

 

Share This