සහල් තොග මිල , උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නැහැ

සහල් තොග මිල , උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නැහැ

සහල් තොග මිල , උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා

ඒ අනුවමිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළදුන්ට ප්‍රකාශ කරමින් සහල් වැඩි මිලට අලෙවිකිරීම සදහා සමහර වී මෝල් හිමියන් සහ තොග වෙළදුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තාවන බවයි එම අධිකාරිය පැවසුවේ

මේ හේතුවෙන් සහල් පාලන මිල ඉවත්කර තිබේද යන්න සම්බන්ධව සිල්ලර වෙළදුන් විසින් අවස්ථා ගණනාවකදීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීම් සිදු කර ඇති බව සඳහන්

ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක් , නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතුයි.

එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබනවා

Share This