ස්ථාන මාරු ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ ලැයිස්තුව මෙන්න
බන්ධනාගාර අධිකාරිවරුන් දෙදෙනකු හා බන්ධනාගාර සහකාර අධිකාරිවරුන් නව දෙනකු ඇතුළු බන්ධනාගාර උසස් නිලධාරීන් 11 දෙනකු සැප්තැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යැවීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා
මේ අනුව මහර බන්ධනාගාර අධිකාරි ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර මහතා බන්ධනාගාර මූලස්ථානය වෙතද, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි එස්.කේ. පල්ලෙතැන්න මහතා කොළඹ බන්ධනාගාර පර්යේෂණ හා පුහුණු විශෝධන මධ්‍යස්ථානය වෙතද, මීගමුව සහකාර බන්ධනාගාර අධිකාරි ඒ.සී. ගජනායක මහතා මහර බන්ධනාගාරය වෙතද, කුරුවිට සහකාර බන්ධනාගාර අධිකාරි ඩී.ආර්.ඩී. දසනායක මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙතද, පල්ලන්සේන සහකාර බන්ධනාගාර අධිකාරි ඩබ්ලිව්.එම්. ජේ.අයි. ප්‍රනාන්දු මහතා මීගමුව බන්ධනාගාරය වෙතද, යාපනය සහකාර බන්ධනාගාර අධිකාරි එම්.එස්. මොහාන් කරුණාරත්න මහතා කුරුවිට බන්ධනාගාරය වෙතද, අඹේපුස්ස සහකාර බන්ධනාගාර අධිකාරි එච්.ජී. සමන් ප්‍රියදර්ශන මහතා මාතර බන්ධනාගාරය වෙතද, මාතර සහකාර බන්ධනාගාර අධිකාරි එස්.ඒ.එස්.අයි.ඩී. පෙරේරා මහතා අඹේපුස්ස බන්ධනාගාරය වෙතද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර සහකාර අධිකාරි පී. වජිර අබේධීර මහතා මහර බන්ධනාගාරය වෙතද, මැගසින් බන්ධනාගාර සහකාර අධිකාරි එච්.එම්.එස්.එන්. උපුල්දෙණිය මහතා පල්ලන්සේන බන්ධනාගාරය වෙතද, මහර සහකාර බන්ධනාගාර අධිකාරි කේ.බී.ඒ. උදය කුමාර මහතා යාපනය බන්ධනාගාරය වෙතද එසේ ස්ථාන මාරු කර යවා තිබෙන බව සඳහන්
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කර තිබෙන්නේ සේවා අවශ්‍යතාවන් මත මෙම ස්ථාන මාරු කිරීම් සිදුකළ බවයි .