ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ, ඊශ්‍රායල තානාපති කාර්යාලවලට ප්‍රහාර

ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ, ඊශ්‍රායල තානාපති කාර්යාලවලට ප්‍රහාර

ස්වීඩනයේ ස්ටොක්හෝම් හි පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයට වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඩෙන්මාර්කයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල ද පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අදාළ පිපිරීම්වලින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

මෙම පිපිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්.

වෙඩි ප්‍රහාරවලට ලක්වූ තානාපති කාර්යාල වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඉරානය විසින් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This